Skip to main content

අලුත් අවුරුදු ජන ක්‍රීඩා සඳහා ඔන්න මගෙන් "කෙළි ගීත"

අලුත් අවුරුදු ජන ක්‍රීඩා සඳහා ඔන්න මගෙන් "කෙළි ගීත" කීපයක්.....මේ කෙළි ගීත ,හෙවත් ක්‍රීඩා වලදි භාවිතා කරන කවි සහ ගීත බොහොම පරණ ඒවා.....අමාරුවෙන් හොයාගෙන ඇවිත් මේ දෙන්නෙ, මේවා මතු පරපුරටත් නොනැසී දායාද වෙන්ට ඕන නිසා......

01.
යාර තිහේ රවුමට ඇඳි වළල්ලා.......
රවුමට පිටින් දෙන්නයි රැකි වළල්ලා.....
රන් රේට් අප් කරන රාන් රන් වළල්ලා......
පවර් ප්ලේ එකේ ෆීල්ඩිං වළල්ලා.....
මේ කවිය වැඩිපුරම භාවිතා කරන්නෙ අම්පයරක්කාරයන්.....මේ අම්පයරක්කාරයන් මේ කවිය ගායනයට පෙර දකුණු අතින් අහසේ රවුමක් ඇඳීම චාරිත්‍රානුකූලව සිදු කරනවා......
02.
වාර හතර වට බෝල පලන කළ - වළ ගියෙදෝ මගෙ ඕවරයා.....
බෝලර නුඹ පල්......නුඹෙ කීපර් පාල්...
අප දුටුවේ නැත ඕවරයා.......
මේක පන්දුක්කාරයන් විසින් පිත්තක්කාරයන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වී සිටින විට ගයන මැසිවිලි කවියක්......වැඩිපුරම අසන්නට ලැබෙන්නෙ ක්‍රිස් ගේල්, සනත් ජයසූරිය, ෂාහිඩ් අෆ්‍රිඩි, ඒ.බී ඩිවිලියර්ස් වගේ දෙවිවරුන්ට පූජා වශයෙන් කරනු ලබන ක්‍රීඩාවලදී නිතර ගායනා කරනු ලබන ගීයක් ලෙසයි...
03.
උඩ යන පන්දුව.... අ....අ... අල්ලාපන්නේ......
බිම එන පන්දුව...අ....අ...නවතාපාන්නේ......
ත්‍රෝ එක එනවිට....අ.....බිය නොමවන්නේ.....
පත්තිනි දෙවිඳුට....අ.....පින් දීපාන්නේ......
මේ කවිය කලුවිතාරණ සම්ප්‍රදායෙන් මුල් වරට ජනිත වූ " කීපර" මාලේ කවි වලින් එකක්......
මේ පහතින් දැක්වෙන ඉතිරි කවි සහ ගායනා සියල්ලම පිත්තක්කාර සම්ප්‍රදායට අයත් ජන ගී නාද රටා......
04.
දාන ලෙග් ස්පිනර් ස්ලිප් හෙම නියම කොට.....
මිඩ් ඔන් මිඩ් ඔෆ් දෙපළම යොදවා යසට......
මාන බලයි උන් එක්ස්ට්‍රා කවර් සිට.....
මෑනො නොයන් දැන් නම් සික්සර් එකට......
05.
ජෙල් ගාලා හිස පීරන් මෑනෝ......
හෙල්මට අරගෙන බැඳගන් මෑනෝ.....
පෑඩිං දණ වට පළඳින් මෑනෝ .....
බැටිං කරාන්නට යමු අපි මෑනෝ.....
දැලෙන් දැලට කළ ප්‍රැක්ටිස් වන්නේ.....
මිටින් අතින් හෙම "ටිප්" නොකරාන්නේ....
ෂුවර් නැතුව එළියට නොපනින්නේ......
ඉතින් බයක් නැත කීපරයාන්නේ......
06.
රන් වන් පිති ගෙන නිති සැරසෙනවා.....
රත් කොළ එළි උඩ විනිසුරු දෙනවා....
හිරු ලෙස එළි කණු පෙළ පෑහෙනවා...
පල්ලෙකැලේ අපි ක්‍රිකට් ගහනවා.......
07.
ලොව බාරයි අයි.සී.සී මැරයන්ට.....
ලක බාරයි එස්.එල්.සී රිලවුන්ට.....
සැප බාරයි Bet බුකි තක්කඩියාන්ට....
අප බාරයි අයි.පී.එල් දෙවියාන්ට........

සයිබර වරිගෙ උණ්ඩියා

Comments

Popular posts from this blog

දියුනුව සහ ආගම්

ලෝකයේ වඩාත්ම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වොෂින්ටනය මූලස්ථාන කරගත් ගැලප් සමාගම විසින් 2008, 2009 සහ 2015 යන වසර වල රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගත් ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කළේ සමීක්ෂණයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් 99% ක් ම ආගමික නැඹුරුවක් සහිත පුද්ගලයන් බවට කරුණු හෙළිව ඇති බවය. එක් එක් රටවල තෝරාගත් වැසියන් පිරිසකගෙන් ආගමික නැඹුරුව සම්බන්ධයෙන් විමසා බලා එක්රැස් කරගත් තොරතුරු වලට අනුව එම වාර්තාව සකස් කොට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉතියෝපියාව, මලාවි, නයිජර් සහ යේමනය යන රටවල වැසියන්ගෙන් 99% ක්ම පවසා තිබෙන්නේ තමන් සිය ආගමට ලැදියාවක් දක්වන බවය. ඒ අතර බුරුන්දි, සෝමාලියාව, ජිබූටි සහ මුරුතේනියාව ආගමික නැඹුරුව 98%ක ප්‍රතිශතයක් පෙන්නුම් කළ රටවල් වශයෙන් වාර්තාගතව තිබේ. ආගමික නැඹුරුව අතින් දකුණු දිග යුරෝපයේ ඉතාලිය 74% සහ ග්‍රීසිය 71% වශයෙන...

ජාන තාක්ෂණයෙක් ජීවීන් බිහි කිරීම , රීලංකික පුර වැසියෙකු කිසිදු ආකාරයක පර්යේෂ්ණාගාරයකට වත් නොගොස්ම

ජාන තාක්ෂණයෙක් ජීවීන් බිහි කිරීම ඇරඹී මේ වන විට වසර කිහිපයක් ගත වුවත් තවමත් විද්‍යාව ඒ සඳහා පූර්ණ ලෙස සාර්ථක නොවුණු අවධියක මේ ශ්‍රීලංකික පුර වැසියෙකු කිසිදු ආකාරයක පර්යේෂ්ණාගාරයකට වත් නොගොස්ම ඒ සඳහා සාර්ථක වී ඇත...ඔබ විවාහක නම් දරු ඵල ලැබීමේදී ඔබගේම පෞද්ගලික කැමැත්තක් දුවකුට හෝ පුතෙකුට තිබීම බොහෝ විට සිදුවන්නක්...නම ුත් ජාන වෙනස් කිරීමෙන් හෝ නිවැරදිව පිටතදී Y ලිංගික වර්ණදේහ අඩංගු ශුක්‍රාණුවක් සංසේචනය කරවා පිරිමි දරුවෙක් ලබා ගැනීම සඳහා නීතිමය ඉඩක් නැත්තේ විද්‍යාව තවමත් එයට සාර්ථක නොවන නිස විය යුතුය...නමුත් මේ ශ්‍රීලාංකිකයා සතු ක්‍රමවේදය නීත්‍යාණුකූල විය යුතුයැයි මට සිතෙන්නේ ඔහු ඒ සඳහා විශාල ප්‍රසිද්ධියක් දරණ බැවින් සහ ඒ වෙනුවෙන්ම පොත් පත් පවා මුද්‍රණය කරවා බෙදාහරින නිසාවෙනි...සරල පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් මෙසේ ඔබට අවශ්‍ය ආකාරයක ලිංගයකට අයත් දරුවකු ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ... . . . මේ කතාව මා ඔබට කීවා නම් කොපමණ දෙනෙක් එය විස්වාස කරාවිද..? ඒ ගැන යලි යලිත් ප්‍රශ්න් කරාවිද..? ඒක කොහොමද වෙන්නෙ,ඒක වෙන්න ඉඩක් නෑනේ..? මේ තමයි ඒ වෙනුවෙන් නැගෙන්න ඕනේ සරලම පලමු ප්...