ජාන තාක්ෂණයෙක් ජීවීන් බිහි කිරීම ඇරඹී මේ වන විට වසර කිහිපයක් ගත වුවත් තවමත් විද්‍යාව ඒ සඳහා පූර්ණ ලෙස සාර්ථක නොවුණු අවධියක මේ ශ්‍රීලංකික පුර වැසියෙකු කිසිදු ආකාරයක පර්යේෂ්ණාගාරයකට වත් නොගොස්ම ඒ සඳහා සාර්ථක වී ඇත...ඔබ විවාහක නම් දරු ඵල ලැබීමේදී ඔබගේම පෞද්ගලික කැමැත්තක් දුවකුට හෝ පුතෙකුට තිබීම බොහෝ විට සිදුවන්නක්...නම ුත් ජාන වෙනස් කිරීමෙන් හෝ නිවැරදිව පිටතදී Y ලිංගික වර්ණදේහ අඩංගු ශුක්‍රාණුවක් සංසේචනය කරවා පිරිමි දරුවෙක් ලබා ගැනීම සඳහා නීතිමය ඉඩක් නැත්තේ විද්‍යාව තවමත් එයට සාර්ථක නොවන නිස විය යුතුය...නමුත් මේ ශ්‍රීලාංකිකයා සතු ක්‍රමවේදය නීත්‍යාණුකූල විය යුතුයැයි මට සිතෙන්නේ ඔහු ඒ සඳහා විශාල ප්‍රසිද්ධියක් දරණ බැවින් සහ ඒ වෙනුවෙන්ම පොත් පත් පවා මුද්‍රණය කරවා බෙදාහරින නිසාවෙනි...සරල පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් මෙසේ ඔබට අවශ්‍ය ආකාරයක ලිංගයකට අයත් දරුවකු ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ... . . . මේ කතාව මා ඔබට කීවා නම් කොපමණ දෙනෙක් එය විස්වාස කරාවිද..? ඒ ගැන යලි යලිත් ප්‍රශ්න් කරාවිද..? ඒක කොහොමද වෙන්නෙ,ඒක වෙන්න ඉඩක් නෑනේ..? මේ තමයි ඒ වෙනුවෙන් නැගෙන්න ඕනේ සරලම පලමු ප්...