Skip to main content

මගෙ රුපියල් පනහක් නැති වුණා.කාගෙ හරි අතට අහුවුණොත් මේ ලිපිනයට ගෙනත් දෙන්න

පාරෙ යනකොට දැක්කා කව්රුහරි ලයිට් කණුවේ එල්ලපු පොඩි කඩදාසි කෑල්ලක්. ඒ කඩදාසි කෑල්ල හුලඟට ඒ මේ අතට වැනි වැනී තිබුණා. මොනවද මේකෙ ලියලා තියෙන්නෙ ? මම ඒ දෙසට පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා.
" මගෙ රු 50 /= ක් නැති වුණා.කාගෙ හරි අතට අහුවුණොත් මේ ලිපිනයට ගෙනත් දෙන්න.මට හරියට ඇස් පේන්නෑ."
මොනවද කරන්නෙ දැන්?
මේක එයාගෙ ඇඩ්රස් එකත් තියෙනවා. හ්ම්! අර ඉන්නෙ...
අංකල්! මේ ලිපිනය කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියනවද?
ආා... මේ ආච්චි අම්මද? පොඩ්ඩක් ඉස්සරහට ගියපුහාම පරණ ගෙයක් තියෙනවා . මේ ආච්චි අම්මා ඒ ගෙදර තමා ඉන්නෙ .හැබැයි එයාට ඇස් ප‍ේන්නෑ.
මොකද්ද කාරණේ?
නෑ මේ නිකං එයාව හම්බෙන්න කියලා .
හ්ම්...
ටැංක්යු අංකල්!
හ්ම්... මේක වෙන්න ඇති තැන.ගරා වැටිච්ච පරණ ගෙයක් නෙ. වැස්සකට වත් ඔරොත්තුදෙන එකක් නෑ.
බව්..! බව්.. ! බව්..!
කව්ද ඔය ? එන්න ඇතුලට. බය වෙන්නෙපා ඌව බැඳලා තියෙන්නෙ. ටොමියො කට වහපං . ගෙදරට එන අය ව බය කරන් නැතිව .
(හීන් කට හඬක් ! යාන්තමට වගේ මට ඇහුණා.)
ඇති යාන්තම් බේරුණා ටොමියගෙන් . යමු ඇතුලට...
ඇස් ඇතුලට එබිච්ච , දිරාපත් වූ මළ කඳකට වැරහැල්ලක් අන්දවා පරණ ඇඳක් උඩ වාඩි කෙරෙව්වා සේ දෑස් නොපෙනෙන ඒ ආච්චි අම්මා කාඩ්බෝඩ් කෑල්ලකින් හුළං ගහගෙන හිටියා .
ආච්චි අම්මෙ ! කව්ද පුතා ඔයා? නෑ ආච්චි මම මේ පැත්තෙ ඇවිදන් යන කොට රු 50/= ක් බිම තිබිලා ඇහිඳ ගත්තා . ඒක ඔයාට දීල යන්න කියලයි ආවේ.
(මගේ කතාව අහපු ආච්චි අම්මා අඬන්න පටන් ගත්තා.)
පුතේ ! දවස් දෙකක් තිස්සෙ දහ පහළොස් දෙනෙක් විතර ඇවිත් මගේ රුපියල් 50 බිම වැටිල තිබිලා ඇහිඳ ගත්තා කියලා දීල යනවා. ඒ ලියුම මම ලිව්වෙ නෑ පුතේ .මම ලියන්න කියවන්න දන්නෑ පුතේ. (කියා ඇය නැවතත් කඳුළු සැලුවාය)
කමක් නෑ ආච්චි මේක ඔයා තියාගන්න .එහෙම කියලා මම නැවත හැරිලා ආපහු මගෙ ගමන යන්න සූදානම් වන කොට ...
පුතේ ! ඔයා යන කොට අර ලයිට් කණුවෙ එල්ලල තියන කඩදාසි කෑල්ල ඉරල යන්න පුතේ අමතක නොකර හොඳේ .
හ්ම්!.. හොඳයි ආච්චි කියා මම එතැනින් සමු ගත්තා.
මගේ හිතේ දහසකුත් දේ මැවෙන්න පටන් ගත්තා...
කව්ද ඒ ලියුම ලියන්න ඇත්තෙ? ඒ ලියුම ඉරල දමන්න කියලා ඇය ව බලන්න එන හැමෝටම කියනවා ඇති. නමුත් කවුරුත් ඒක ඉරා දමලා නෑ. කාත් කවුරුත් නැතිව අනාථ වෙලා ඉන්න මේ ආච්චිට කඩදාසි කෑල්ලකින් උපකාර කළ පුද්ගලයාට සිතින් ස්තුති වන්ත වෙමින් උදව් කිරීමට සිතක් තිබේ නම් එය ඉටුකිරීමට දහසකුත් මග තිබෙනවා නොවේද යන්නෙන් කල්පනාවෙන් ඉදිරියට ඇදුනෙමි...
" අය්යෙ මේ ඇඩ්රස් එක කොහෙද තියෙන්නෙ ? "
යන හඬින් මගේ සිතේ පෑයූ සියලු සිතුවිල්ලක් ම සුන් වී ගියේය .
නෑ මේ බිම වැටිල තිබිල රුපියල් 50 ක් ඇහින්දා. මේක ඒ අම්මට දෙන්න ඕනෙ . මට පොඩ්ඩක් පාර කියනවද එහෙට යන්න ?
මනුස්සකම තවමත් ජීවමානයි!

Comments

Popular posts from this blog

ලෝකයට එදා ඇය

18+ ..ඇය මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තවබෝතලයක ් ගේමුද.පස්සෙ නරු නුරු එපා.. ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා මම ..ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද.. බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ.. අපෝ ගහපන්...කොල්ලෙක ් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ..හසරැල් . බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු හැදෙයි .. හ්ම්ම් ..මේ අහපන්කෝ ..බඩු පොට් එකක් තියනවා යන්ද..සුපිරි කෑල්ලි ඉන්නෙ .ලොන්ත නෙමේ අලුතින් බැස්ස ඒවා.4000යි මගෙ යාලුවෙක් කරන්නෙ ගාන අඩු කරලා දෙන්නම්.. අනේ බන් ..බෑ .මම සිරාවටම බඩු සබ්ජෙට් නෑ බන් දිමුතුවා..අනික හැමතැනම ඒඩ්ස් බන්..සල්ලි දීලා ලෙඩ ගන්න බෑ.. බය වෙන්න එපා..මෙතන උන්ට ලෙඩ නෑ බන් .සුපිරියට කරන පොට් එකක්..ජොයිනට් පොඩ්ඩක් ගහලා..කියුපින් කියලා ටැබ්ලට් එකක් තියනවා ඒකත් ගහලා ගියාම බඩුවක් මරලා ආවැකි. ඇත්තටමද බන් ගන්ජා ගහපුවාම ගොඩක් වෙලා ඔය වැඩේ කරන්න පුලුවන් කියන්නෙ.. නැතුව බන්..මම හැමදාම යන්නෙ එහෙම ..යනගමන් පෙත්තකුත් ගහලා යන්නෙ..පලවෙනි පාර විනාඩි 30ක් සුවර්..දෙවනි පාර පැයකට කිට්ටුයි..කෑල්ල ,මැරෙන්නෙ නැති එක විතරයි .. පවු බන්.. හාරදාහක් ..දීලා .හුරතල් කරන්නද ක...

අලුත් අවුරුදු ජන ක්‍රීඩා සඳහා ඔන්න මගෙන් "කෙළි ගීත"

අලුත් අවුරුදු ජන ක්‍රීඩා සඳහා ඔන්න මගෙන් "කෙළි ගීත" කීපයක්.....මේ කෙළි ගීත ,හෙවත් ක්‍රීඩා වලදි භාවිතා කරන කවි සහ ගීත බොහොම පරණ ඒවා.....අමාරුවෙ න් හොයාගෙන ඇවිත් මේ දෙන්නෙ, මේවා මතු පරපුරටත් නොනැසී දායාද වෙන්ට ඕන නිසා...... 01. යාර තිහේ රවුමට ඇඳි වළල්ලා....... රවුමට පිටින් දෙන්නයි රැකි වළල්ලා..... රන් රේට් අප් කරන රාන් රන් වළල්ලා...... පවර් ප්ලේ එකේ ෆීල්ඩිං වළල්ලා..... මේ කවිය වැඩිපුරම භාවිතා කරන්නෙ අම්පයරක්කාරයන්. ....මේ අම්පයරක්කාරයන් මේ කවිය ගායනයට පෙර දකුණු අතින් අහසේ රවුමක් ඇඳීම චාරිත්‍රානුකූලව සිදු කරනවා...... 02. වාර හතර වට බෝල පලන කළ - වළ ගියෙදෝ මගෙ ඕවරයා..... බෝලර නුඹ පල්......නුඹෙ කීපර් පාල්... අප දුටුවේ නැත ඕවරයා....... මේක පන්දුක්කාරයන් විසින් පිත්තක්කාරයන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වී සිටින විට ගයන මැසිවිලි කවියක්......වැඩ ිපුරම අසන්නට ලැබෙන්නෙ ක්‍රිස් ගේල්, සනත් ජයසූරිය, ෂාහිඩ් අෆ්‍රිඩි, ඒ.බී ඩිවිලියර්ස් වගේ දෙවිවරුන්ට පූජා වශයෙන් කරනු ලබන ක්‍රීඩාවලදී නිතර ගායනා කරනු ලබන ගීයක් ලෙසයි... 03. උඩ යන පන්දුව.... අ....අ... අල්ලාපන්නේ..... . බිම එන ප...

මම හිට්ලර් උඹේ අප්පච්චි

උස් හුස්මක් පපුව ගැඹුරට තුරුල් කරගන්න ඔට්ටු වෙනව විතරයි මට මතක එකපාරටම පෙනුනේ එකම එක චිත්‍රයක් මීදුම මැද්දෙන් අම්මෙක් දරුවෙක්ව තුරුල් කරගන්න බලාගෙන ඉන්නව ඒ දෑස් හරි බොරපාටයි බොහොම විඩාබරයි නමුත් අහස උස බලාපොරොත්තුවක් ගැබ් අරන් තිබුණා. නාස් පුඩු මැදින් ගත්තු ඒ හුස්ම ගියේ කොහාටද කියන්න මම දන්නෑ. නමුත් එක දෙයක් මං දන්නවා මගේ ඇස් කන් පිරිල පපුව හොඳටෝම පිරිල ඒ ගියපු හුස්මින් මම තාමත් ජීවත් වෙනව ජීවිතේ විඳිනව මම හිට්ලර් උඹේ අප්පච්චි.... Coppied from Ashan Rodrigo