Skip to main content

ජාන තාක්ෂණයෙක් ජීවීන් බිහි කිරීම , රීලංකික පුර වැසියෙකු කිසිදු ආකාරයක පර්යේෂ්ණාගාරයකට වත් නොගොස්ම

ජාන තාක්ෂණයෙක් ජීවීන් බිහි කිරීම ඇරඹී මේ වන විට වසර කිහිපයක් ගත වුවත් තවමත් විද්‍යාව ඒ සඳහා පූර්ණ ලෙස සාර්ථක නොවුණු අවධියක මේ ශ්‍රීලංකික පුර වැසියෙකු කිසිදු ආකාරයක පර්යේෂ්ණාගාරයකට
වත් නොගොස්ම ඒ සඳහා සාර්ථක වී ඇත...ඔබ විවාහක නම් දරු ඵල ලැබීමේදී ඔබගේම පෞද්ගලික කැමැත්තක් දුවකුට හෝ පුතෙකුට තිබීම බොහෝ විට සිදුවන්නක්...නමුත් ජාන වෙනස් කිරීමෙන් හෝ නිවැරදිව පිටතදී Y ලිංගික වර්ණදේහ අඩංගු ශුක්‍රාණුවක් සංසේචනය කරවා පිරිමි දරුවෙක් ලබා ගැනීම සඳහා නීතිමය ඉඩක් නැත්තේ විද්‍යාව තවමත් එයට සාර්ථක නොවන නිස විය යුතුය...නමුත් මේ ශ්‍රීලාංකිකයා සතු ක්‍රමවේදය නීත්‍යාණුකූල විය යුතුයැයි මට සිතෙන්නේ ඔහු ඒ සඳහා විශාල ප්‍රසිද්ධියක් දරණ බැවින් සහ ඒ වෙනුවෙන්ම පොත් පත් පවා මුද්‍රණය කරවා බෙදාහරින නිසාවෙනි...සරල පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් මෙසේ ඔබට අවශ්‍ය ආකාරයක ලිංගයකට අයත් දරුවකු ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ...
.
.
.
මේ කතාව මා ඔබට කීවා නම් කොපමණ දෙනෙක් එය විස්වාස කරාවිද..? ඒ ගැන යලි යලිත් ප්‍රශ්න් කරාවිද..? ඒක කොහොමද වෙන්නෙ,ඒක වෙන්න ඉඩක් නෑනේ..? මේ තමයි ඒ වෙනුවෙන් නැගෙන්න ඕනේ සරලම පලමු ප්‍රශ්නය..අවසනාවට මේ ශ්‍රීලංකාවේ ඒ ප්‍රශන ඇසීමට තරම් මොලයක් හෝ කොන්දක් ඇති මිනිසුන් අතිශය විරළ වීම ඒ අදාල පුද්ගලයාගේම වාසනාවක් විය යුතුය...
චන්ද්‍රිකා වැව විනාඩි ගණනකින් පිරිත් කල දොළුකන්දේ හාමුදුරුවෝ, ශිෂ්‍යත්වයට අධිෂ්ඨාන පූජා තැබූ ගාල්ලේ කේ පරණවිතාන, ගාල්ලේ මෛත්‍රී බුදුන්, වැනි තක්කඩීන් මේ රටේ විරල නොවූයේ ඔබත් මමත් කට වසා සිටින මිසා නිස ඔවුන් සතුවූ අද්භූත බලයක් හෝ දැනුමක් නිසා නොවේ...විශ්වයේ සිදුවන අද්භූත ඉටිගෙඩි නැත..ඇත්තේ ස්වභාවික සංසිද්ධීන් පමණි..අද විස්තර කල නොහැකි සංසිද්ධි පැවතිය හැක, එය හෙට ඉතාම සාමාන්‍ය සංසිද්ධියක් වනු ඇත...සූර්‍යයා කෝප වෙතෙයි සිතා පුද පූජා කල මිනිසුන් වූ අපිම අද සූර්‍යයා මිය යාමට ප්‍රථම ජීවයට සුදුසු ග්‍රහ ලෝක සොයා වෙහෙසෙන්නෙ ඒ අයුරිනි...
.
ජීවත් වීම සමඟ පැන නඟින ගැටලුවලට විසඳුම තක්කඩීන්ට අසුවීම නොවේ,එය බලාපොරොත්තු කඩවිමකට හෝ ඊටත් එහා ගිය කරදර වලට අත වැනීමක් විය හැක...අතිශ්‍ය ක්‍රමානූකූල තාර්කික පැතිකඩ සහිත විද්‍යවට කල නොහැකි දේ ෆෙන්ග්ෂුයි වෙලෙන්දෙකුගේ හිතලු වලට කල හැකි යැයි සිතීම තරම් මෝඩ කමක් තවත් තිබිය නොහැක...
තක්කඩීන් සැඟවෙන්නෙ ඔබ තුලමයි, ප්‍රවේසම් වන්න...
සමාජ ආචාර ධර්ම වනසමින් රැවටීම් කරන මුග්ධයන්ට එරෙහි වන්න,එය ඔබේ අයිතියකි...

Comments

Popular posts from this blog

අලුත් අවුරුදු ජන ක්‍රීඩා සඳහා ඔන්න මගෙන් "කෙළි ගීත"

අලුත් අවුරුදු ජන ක්‍රීඩා සඳහා ඔන්න මගෙන් "කෙළි ගීත" කීපයක්.....මේ කෙළි ගීත ,හෙවත් ක්‍රීඩා වලදි භාවිතා කරන කවි සහ ගීත බොහොම පරණ ඒවා.....අමාරුවෙ න් හොයාගෙන ඇවිත් මේ දෙන්නෙ, මේවා මතු පරපුරටත් නොනැසී දායාද වෙන්ට ඕන නිසා...... 01. යාර තිහේ රවුමට ඇඳි වළල්ලා....... රවුමට පිටින් දෙන්නයි රැකි වළල්ලා..... රන් රේට් අප් කරන රාන් රන් වළල්ලා...... පවර් ප්ලේ එකේ ෆීල්ඩිං වළල්ලා..... මේ කවිය වැඩිපුරම භාවිතා කරන්නෙ අම්පයරක්කාරයන්. ....මේ අම්පයරක්කාරයන් මේ කවිය ගායනයට පෙර දකුණු අතින් අහසේ රවුමක් ඇඳීම චාරිත්‍රානුකූලව සිදු කරනවා...... 02. වාර හතර වට බෝල පලන කළ - වළ ගියෙදෝ මගෙ ඕවරයා..... බෝලර නුඹ පල්......නුඹෙ කීපර් පාල්... අප දුටුවේ නැත ඕවරයා....... මේක පන්දුක්කාරයන් විසින් පිත්තක්කාරයන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වී සිටින විට ගයන මැසිවිලි කවියක්......වැඩ ිපුරම අසන්නට ලැබෙන්නෙ ක්‍රිස් ගේල්, සනත් ජයසූරිය, ෂාහිඩ් අෆ්‍රිඩි, ඒ.බී ඩිවිලියර්ස් වගේ දෙවිවරුන්ට පූජා වශයෙන් කරනු ලබන ක්‍රීඩාවලදී නිතර ගායනා කරනු ලබන ගීයක් ලෙසයි... 03. උඩ යන පන්දුව.... අ....අ... අල්ලාපන්නේ..... . බිම එන ප...

දියුනුව සහ ආගම්

ලෝකයේ වඩාත්ම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වොෂින්ටනය මූලස්ථාන කරගත් ගැලප් සමාගම විසින් 2008, 2009 සහ 2015 යන වසර වල රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගත් ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කළේ සමීක්ෂණයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් 99% ක් ම ආගමික නැඹුරුවක් සහිත පුද්ගලයන් බවට කරුණු හෙළිව ඇති බවය. එක් එක් රටවල තෝරාගත් වැසියන් පිරිසකගෙන් ආගමික නැඹුරුව සම්බන්ධයෙන් විමසා බලා එක්රැස් කරගත් තොරතුරු වලට අනුව එම වාර්තාව සකස් කොට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉතියෝපියාව, මලාවි, නයිජර් සහ යේමනය යන රටවල වැසියන්ගෙන් 99% ක්ම පවසා තිබෙන්නේ තමන් සිය ආගමට ලැදියාවක් දක්වන බවය. ඒ අතර බුරුන්දි, සෝමාලියාව, ජිබූටි සහ මුරුතේනියාව ආගමික නැඹුරුව 98%ක ප්‍රතිශතයක් පෙන්නුම් කළ රටවල් වශයෙන් වාර්තාගතව තිබේ. ආගමික නැඹුරුව අතින් දකුණු දිග යුරෝපයේ ඉතාලිය 74% සහ ග්‍රීසිය 71% වශයෙන...